Pornography බලනවානම් කියවන්න!

 ලොව පවතින සියල්ල විෂ සහිත වේ. විෂ රහිත කිසිවක් ලොව නොවේ. යමක විෂ සහිත බව තීරණය කරනුයේ එහි මාත‍්‍රාව/ භාවිතා කරන ප‍්‍රමාණයයි.
-පැරසෙල්සස්-
ස්විස්ටර්ලන්ත ජාතික, ජර්මානු පුනරුද දාර්ශනික

මිනිසා වනාහි ලිංගික සත්ත්වයෙකි.  පරිණාමීය ක‍්‍රියාවලිය තුළ ලිංගිකත්වය ගොඩනැගෙන්නේ ම වර්ගයා බෝ කිරීම වෙනුවෙන් වුවත් මිනිසා එකී සම්ප‍්‍රදායික අවශ්‍යතාවයෙන් පිටපැන බොහෝ කල්ය.  නූතනය තුළ ලිංගිකත්වයේ අවශ්‍යතාවයන් වෙනස් වූවා සේම එකී අවශ්‍යතාවයන් සපුරා ගැනීමටද මිනිසා විකල්ප යන්න ගොඩනගා ඇත. එකී විකල්පයන් වෙනුවෙන් ගෝලීය වශයෙන් වෙළෙඳ පොළක් ද නිර්මාණය වෙමින් පවතී. (Pornography) ලිංගිකතාව මත පදනම් වූ නිර්මාණය එහිලා ඉහළින් ම වැජඹෙනු ලබයි. මෙකී නිර්මාණයන් අප සංස්කෘතිය තුළ අසැබි දර්ශන ලෙස හඳුන්වයි.  එම පදයේ වලංගුභාවය කෙසේ වුවද හඳුනාගැනීමේ පහසුව සඳහා ලිංගිකතාව මත පදනම් වූ නිර්මාණ වෙනුවට අසැබි දර්ශන යන පදය මෙම ලිපිය තුළ භාවිතා කරන ලබයි.
අසැබි දර්ශන නැරඹීම යහපත්ද අයහපත්ද යන්න සදාචාරාත්මක කරුණුක් වුවත්  විද්‍යානුකූල පදනමක් මත සදාචාර තීරණ ගැනීම් සැබැවින්ම අපහසුය. එබැවින් අපි මෙහි යහපත අයහපත සාකච්ඡුා නොකරමු. පෝනෝග‍්‍රැෆි ආශ‍්‍රයේ ධනාත්මක ප‍්‍රතිවිපාකයන් සම්භන්ධයෙන්ද නුතනයේ පර්යේෂණයන් සාක්ෂි දරනු ලබයි. නමුත් යමක් ඇබ්බැහියක් බවට පත්වුවහොත් එහිලා වන කායික, මානසික, සමාජීය සෘණාත්මක ප‍්‍රතිඵලයන් නම්  ඕනෑ තරම් නූතන විද්‍යාව පර්යේෂණයන් මගින් තහවුරු කොට හමාරය. අසැබි දර්ශන  නැරඹීම යන චර්යාවට ද මෙම කාරණය එකලෙසම අදාළ ය. නූතනය තුළ  මෙම චර්යාවේ ධනාත්මක තත්ත්වයන් වඩා ලිබරල් මුහුණුවරකින් ඉදිරිපත් වීමක් හඳුනාගත් හැකිය.  නමුත් මෙය ඇබ්බැහිමය තත්වයකට පත්වුවහොත් එහිලා වන අනිසි ප‍්‍රතිවිපාක පිලිබඳව සමාජයක් ලෙස අප තවමත් විද්‍යානුකූලව සාකච්ඡුා කරනවා ද යන්න ගැටළු සහගතය. මෙම සදාචාරාත්මක මැදිහත්වීම්කට එයා ගිය විද්‍යානුකූල මැදිහත්වීමක් සිදුක කිරීම මෙම ලිපියේ මූලික අරමුණයි.


අසැබි දර්ශන පිළිබඳ සාහිත්‍යය මෑතකදී ආරම්භ වූවක් නොවේ. විලෙත්ඩොල්ෆ්හි වීනස් දෙව්දුව වැනි නිර්මාණ මෙය පැලියෝලිතික් යුගය තරම් අතීතයකට ගෙන යයි. අසැබි දර්ශන කලාව, සාහිත්‍යය, ආගමික සහ සංස්කෘතික භාවිතයන් ඔස්සේ යුග ගණනක් පරිණාමය වෙමින් නූතනයේ වඩාත් ලිබරල් වාදී වූද වාණිජමය වූද මුහුණුවරකින්  නිරූපණය වෙමින් පවතී.
අසැබි දර්ශන යන පදය කාලය ස්ථානය යන නිර්ණායකයන් මත වෙනස් වීම හේතුකොටගෙන නිර්වචනය කිරීම සැබැවින්ම දුෂ්කර වී තිබේ. කෙසේ නමුත් ඇමරිකානු මනෝවිද්‍යා සංගමයට අනුව ”ලිංගික ප‍්‍රතිචාරයක් ඇති කිරීමට සහ නරඹන්නාගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කිරීම අරමුණු කරගත්තා වූද බොහෝ විට ලිංගික සූරාකෑම අන්තර් කොට ගනිමින් නිර්මාණය වී ඇති රචනා හෝ රූපමය භාවිතයන්”  පොනෝග‍්‍රැෆි ලෙස නිර්වචනය කළ හැක. නූතනයේදී ලිංගිකත්වය පාදක කර කරගත් නිර්මාණ සහ අසැබි දර්ශන එකම ගණයට අයත් වන්නේදැයි කතිකාවට ලක් වෙමින් පවතී.  කෙසේ වෙතත් එවන් විවාදයන් මත වුවත් මෙම  ඇබ්බැහියෙහි  වන හානිදායක තත්ත්වය නම් සුළුපටු නොවේ.
මිනිසුන් අසැබි දර්ශන ඇබ්බැහියට යොමුවන්නේ ඇයි? මෙය අනුවණ ප‍්‍රශ්නයක් යැයි ඔබට සිතිය හැක. අසැබි දර්ශන සමාජය තුළ පවතින්නේ මිනිසුන් එය නැරඹීමට ආශා කරන නිසාය.  නමුත් මෙම ගැටලූවේ වඩාත් සිත්ගන්නා සුළු පැතිකඩ නම් තවෙකෙක් ලිංගිකව හැසිරීම නැරඹීමට මිනිසුන් කැමැත්තක් දක්වන්නේ  ඇයි ද යන්නයි. සත්‍ය වශයෙන් ම ඔබට කුසගිනි දැනෙන්නේ නම් වෙනත් පුද්ගලයෙකු රාත‍්‍රී ආහාරය ගැනීමෙන් හෝ එය  නැරඹීමෙන් ඔබට තෘප්තියක් දැනෙන්නේ නැත.  නමුත් ලිංගිකත්වයට මෙම තර්කය සාධාරණ නොවන්නේ මන්ද?
මේ සම්බන්ධව පර්යේෂණයන් සිදු කළ විද්‍යාඥයන්ගේ මතයට අනුව මිනිසුන් අසැබි දර්ශන නැරඹීමේ මූලිකම හේතුව ලිංගික තෘප්තිය/ ආශ්වාදය ලබා ගැනීමයි. අසැබි දසුන් නිර්මාණයනය වන්නේ ද මෙම අවශ්‍යතාවය මුල්කොට ගනිමිනි.  තවද  ලිංගිකත්වය සම්බන්ධයෙනමා නව යෞවනයන් තුළ පවත්නා කුතුහලය විසඳාගැනීමට මෙවැනි දර්ශන අධ්‍යාපනික මෙම නම් බවට පත්වීම  බහුලවම සිදුවේ. නූතන තාක්ෂණය,  විධිමත් ලිංගික අධ්‍යාපනයේ දුර්වලතා වැනි සාධක  නව යෞවනයන්  ලිංගිකත්වය ගවේෂණය කිරීම වෙනුවෙන් මේ වෙත යොමු කරනු ලබයි. මීට අමතරව තනිකම පිළිබඳ දැඩි හැඟීම,  සමවයස් කණ්ඩායම්වල පීඩනයද පුද්ගලයා බොහෝ අවස්ථාවලදී අසැබි දර්ශන නැරඹීම වෙනුවෙන් දිරිමත් කරනු ලබයි. මෙවන් තත්වයන් මධ්‍යයේ අසැබි දර්ශන නැරඹීම  සාමාන්‍ය තත්වයකි. නමුත් ගැටලූවනම් එකී සාමාන්‍ය  තත්වයෙන් පුද්ගලයා ඔබටට ගමන් කරන්නේ තමනුත් නොදැනුවත්වම වීමයි.
මත්ද්‍රව්‍ය මෙන් අසැබි දර්ශන වලටද ඇබ්බැහි විය හැකිද? මෙය වයස්  භේදයකින් තොරව  ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකි ගැටලූවකි.  මීට දිය හැකි සරල පිළිතුර” ඔව්” යන්නයි.  කෙසේ නමුත් බොහෝ සෞඛ්‍ය සහ මනෝ චිකිත්සක වෘත්තිකයන්  සායනික අර්ථයෙන් අසැබි දර්ශන නැරඹීම” ඇබ්බැහියක්” ලෙස නොසලකන අතර ඇමරිකානු මනෝ චිකිත්සක සංගමයේ විසින් නිකුත් කළ   අත් පොත තුළ අසැබි දසුන් සඳහා ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් ලෙස වර්ගීකරණයකට යම් උත්සාහ උත්සාහයක් දැරීය. එහෙත් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත එය කාණ්ඩයේ උපකාණ්ඩයක් ලෙස පමණක් නම් කිරීමට යෝජනා විය.  තත්වය එසේ වුවද මනෝචිකිත්සකයන් ප‍්‍රශ්න කරනුයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම ආබාධ තත්ත්වයක් නම් මෙම චර්යාව එලෙස හඳුනාගැනීම වැදගත් බවයි. 2015 දී ප‍්‍රකාශයට පත් සඟරාවේ මේ වෙනුවෙන් විශේෂ ලිපියක් පළ වූ අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ගේ සහ අසැබි දසුන් සඳහා ඇබ්බැහිවූවන්ගේ මොලේ ක‍්‍රියාකාරිත්වයේ සාපේක්ෂ සමානකම් පවතින බව එම ලිපියේ මූලික වශයෙන් පෙන්වාදී තිබිණ.


අසැබි දර්ශන ඇබ්බැහි වේ මූලික අනතුරු ඇඟවීම් සලකුණු කිහිපයකි.   රැුකියා ස්ථානය ඇතුළු  ඕනෑම සමාජ තත්ත්වයක් තුළ මෙම චර්යාව සිදුක කිරීමට යොමු වීම,  රැුකියාවේ හෝ පුද් පුද්ගලික සබඳතා වලට සිදුවන හානිය නොතකමින් අදාල චර්යාවෙහි නිරත වීම,  අසැබි දර්ශන නරඹන විට කාලය පිළිබඳ අවබෝධයක් නොමැති අතර ඉන් ඉවත් ද දුෂ්කර වීම,  සහ මෙම චර්යාව පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට බාධාකාරී මෙන්ම පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම වැනි ලක්ෂණ මේ ආශ‍්‍රයේ ගොඩනැගෙනු ලබයි.
ඔය කියන තරම් අසැබි දර්ශන නරඹන එක සෘණාත්මකද?  ඕනෑම දෙයක සීමාව ඉක්මවා  භාවිතය එනම් ඇබ්බැහියට පත්වීම සැබැවින්ම  සෘණාත්මක  ය. අසැබි දර්ශන නැරඹීමේ චර්(*යාවටද එය එකලෙස අදාළය. එසේනම් මේ  ඇබ්බැහියේ  සෘණාත්මක තත්ත්වයන් මොනවාද ?
අසැබි දර්ශන ඇබ්බැහිය සහ ආක‍්‍රමණශීලිත්වය අතර සම්බන්ධය දශක කිහිපයක් තිස්සේ පරීක්ෂකයන් මතුකර දැක්වීමට උත්සාහ දරයි.අසැබි දර්ශන වල සැලකිය යුතු කොටසක අන්තර්ගතය සැබැවින්ම ප‍්‍රචණ්ඩකාරීය.  
එම් බැරොක් සහ එස් කිමෙල් 2000 වර්ෂයේදී අසැබි දර්ශන මාධ්‍යයන් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වලින් හෙළි වන අන්දමට සඟරා දර්ශන 25%ක සහ වීඩියෝ දර්ශන 42%ක ප‍්‍රමාණයක ලිංගික ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රබලව නිරූපණය කර ඇත. මේ ආකාර වූ ප‍්‍රචණ්ඩත්වය මුල් කරගත් නිර්මාණ පුද්ගලයා තුළ අවිඥානික ක‍්‍රමණශීලීත්වයක් නිර්මාණය කරනු ලබයි. මහාචාය– වැනේසා වෙගා සහ නේල් මලාමක් ඇතුළු පිරිස (2007* වර්ෂයේ සිදුකල පර්යේෂණයක් මෙම කාරණය තහවුරු කරයි. තවද අසැබි දර්ශන නරඹන්නන් ලිංගික  චය–ාවන් තුළ අනුකම්පාවක විරහිත බවක් නිරූපණය කරන බව මහාචාර්ය ඩොල්ෆ් සිල්මන් සිය පර්යේෂණ ඔස්සේ පෙන්වා දී තිබේ.
තවද මහාචාය– ඞී. සිල්මන් සහ ජේ බ‍්‍රයන්ට් පර්යේෂණ මගින් දක්වන පරිදි අසැබි දර්ශන ඇබ්බැහිය ස්ත‍්‍රී ¥ෂණ වින්දිතයන් කෙරෙහි අනුකම්පාව අවම කිරීමටත්,  ස්ත‍්‍රී ¥ෂණය  සාපරාධී වරදක් වුවත් එය සුළුකොට තැකීමටත් ස්ත‍්‍රී ¥ෂණයට යොමු වීම සඳහා වැඩි සූදානම්ක් පුද්ගලයා තුල අවිඥාණිකව නිර්මාණය කරනු ලබයි. අසැබි දර්ශන විරෝධී සහ ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිනියක වන ජුලියා ලොන්ග් කාමුක දර්ශන ලිංගික මනංකල්පිතයන්ට එහා ගිය සංස්කෘතික ප‍්‍රචණ්ඩත්වයක් ලෙස අර්ථ ගැන්වූයේ එබැවිනි. අසැබි දර්ශන තුළ කාන්තා නිරූපණය සංස්කෘතිමය වශයෙන් සහ සාමාජීය වශයෙන් කාන්තාව සම්බන්ධයෙන් ප‍්‍රායෝගික නොවූ ද,  සෘණාත්මකවූද  ප‍්‍රතිරූපයන් ගොඩනඟන බව  මහාචාය– එච්. බී. බ්‍රොසියස් වැනි පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.
අසැබි දර්ශනවල මෙම සෘණාත්මක ප‍්‍රතිඵලය විටෙක සම්බන්ධතාවයන් ද දෙදරා යෑමේ මූලිකම සාධකයක් විය හැක.  විශේෂයෙන්ම පවුල් ජීවිතය තුළ. පුද්ගලයා ගොඩනගා ගන්නා මනංකල්පිතයන් ලිංගික ලෝකය, සැබෑ ලෝකය තුළ අනෙකාට සැබැවින්ම  අතෘප්තිකරදායී, පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය කළ හැක. සහාය මහාචාර්ය එස්. එල්. පෙරී සහ එස්ඩෙෆාර් විසින් 2006-2014 කාලය පුරාවට මේ පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදී. ඔවුන්ගේ පර්යේෂණ දත්ත සමස්තයක් ලෙස ගත් කල විවාහයෙන් පසු අසැබි දර්ශන නැරඹීම සිදුකළ පුරුෂයන් සහ කාන්තාවන් දික්කසාද වීමේ ප‍්‍රවණතාව සාමාන්‍ය මට්ටමින් දෙගුණයක් ලෙස වාර්තා විය. ලිංගික ප‍්‍රචණ්ඩකාරී බවට අමතරව මීට ප‍්‍රධාන හේතුවක් වන්නේ ලිංගික ජීවිතය අසැබි දර්ශන වේදිකාවට වඩා සපුරා වෙනස් වීමයි. අසැබි දර්ශන සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් ඔහුගේ වර්තමාන සහ අනාගත ලිංගික ජීවිතය වෙනුවෙන් ගොඩනගා ගනු ලබන්නේ  අසැබි දර්ශන විසින් ගොඩනගන යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ය. නිවැරදි ලිංගික අධ්‍යාපනයකට මං වසා තැබීම හේතුකොටගෙන නව යෞවනයන් පමණක් නොව බොහෝ විට වැඩිහිටියන් පවා තම ලිංගික ජීවිතය නිර්මාණය කර ගැනීම වෙනුවෙන් යොදාගනු ලබන්නේ අසැබි දර්ශනයි. මීට අමතරව ඇමරිකානු  ලිංගිකත්වය පිළිබඳ යහපත් සන්නිවේදනයක් නොවේ නම් මෙය එකී සම්බන්ධතාවයේ අවසානය ද විය හැක.
*ඉහතින් දක්වන ලද පර්යේෂණ දත්තයන් මත අසැබි දර්ශන නැරඹීම අනිවාර්යෙන්ම පවුල් ජීවිතය දෙදරායාමේ සාධකයක් යැයි අන්තගාමී වීම ද නිවැරදි නොවේ. එහි පවතින්නේ සම්භාවිතාවකි. ලිංගික චිකිත්සක ආචාර්ය ජැනෙට් බී‍්‍රටෝ වරෙක මෙසේ සඳහන් කරයි. (”* අසැබි දර්ශන යහපත් යැයි හෝ  අයහපත් යැයි පැවසීම අපහසුය. කෙසේ වෙතත් එය ඔබට, ඔබේ සම්බන්ධතාවය වෙතට පීඩාවක් ඇති කරයි නම්, දෛනික ක‍්‍රියාකාරිත්වයට බාධා ගෙනදේ නම් අසැබි දර්ශන සමඟ ඔබේ ඇති බැඳියාව සහ එහි ක‍්‍රියාකාරීත්වය නැවත විමසා බැලීම වටිනා අදහසකි.
මිනිසුන් අසැබි දර්ශන වෙත යොමු වීමේ මූලිකම හේතුවක් ලෙස තනිකම දැක්වූවා සේම අසැබි දර්ශන භාවිතය ද පුද්ගලයා තුළ තනිකම පිළිබඳ හැඟීමක් වැඩි වශයෙන් වර්ධනය කරන බව ඔබ දන්නවාද?  ඇමරිකානු ජාතික එම්. එච්. බට්ලර් ඇතුළු පිරිස් මෙහි සත්‍යාසත්‍යතාවය පිරික්සීම වෙනුවෙන් 1247 දෙනකුගෙන් යුත් නියැඳියක් සමීක්ෂණයට ලක් කරන ලදී. මෙහිදී අසැබි දර්ශන භාවිතය, තනිකම යන හැඟීම් සමග සැලකිය යුතු මට්ටමින් සම්බන්ධ වී ඇති බව ඔවුහු සොයා ගත්හ.
නූතනයේ විද්‍යාඥයන් මෙම අසැබි දර්ශන ඇබ්බැහිය අපගේ ජීවවිද්‍යාත්මක ක‍්‍රියාවලියට බලපාන ආකාරය ධනාත්මකව මෙන්ම සෘණාත්මකව ද පෙන්වා දී ඇත. විශේෂයෙන්ම ඇමරිකානු මෞත‍්‍ර රෝග චිකිත්සක වෛද්‍ය සංගමය විසින් වයස අවුරුදු 20-40ත් අතර පුරුෂයන් 312ක් ආශ‍්‍රයේ සිදු කළ පර්යේෂණයකින් හෙළි  වූයේ අසැබි දර්ශන වලට ඇබ්බැහි වූ පුරුෂයන්ට ශිෂ්නය සෘජුවීම  සම්බන්ධ ආබාධ සහ ක්ෂණික ශුක‍්‍ර මෝචනය වැනි ආබාධයන් ඇති වීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති බවයි. 


අනෙක් අතට අසැබි දර්ශන ඇබ්බැහියද අනෙකුත් ඇබ්බැහියන් මෙන් අපගේ මොළය තුළ යම් යම් විපර්යාසයන් සිදු කරනු ලබයි. අප නව චර්යාවක් ඉගෙන ගන්නා විට පණිවිඩ හුවමාරුව සඳහා අලූතින් නිවුරෝන මාර්ගයන් නිර්මාණය වේ උදාහරණයක් ලෙස වනන්තරයක මාර්ගයක් පිළිබඳව සිතන්න. ඔබ එක්ම මාර්ගයක් නිරතුරුවම පරිහරණය කරයි නම් එකී මාර්ගය වඩාත් පුළුල් හා ස්ථිර වේ. ඊට සමානව ම යම් යම් පණිවිඩයන් ස්නායු මාර්ගය ඔස්සේ ගමන් කරන සෑම විටම ඊට අදාළ මාර්ගය වඩාත් ශක්තිමත් වේ. මෙකී ශක්තිමත් ස්නායු මාර්ගයක් ගොඩනැගීමෙහිලා මූලික තත්වයක් ලෙස ”ප‍්‍රවාහය”  විද්‍යාඥයන් පෙන්වා දෙයි.   ප‍්‍රවාහනය යනු අවධානය යොමු කිරීමේ ගැඹුරු ශක්තිමත් තත්වයකි. ප‍්‍රවාහය තුළදී ඔබ සිදුකරන ක‍්‍රියාවෙහි ගැඹුරට කිඳා බසින ඔබට වෙන කිසිදු කරුණක් වැදගත් යැයි නොදැනේ. ඔබ කැමතිම, හුරුපුරුදුම  චර්යාවක නිරත වීමේදී ඔබට කාලය, ස්ථානය පිළිබඳ හැඟීමක් නොමැති වන්නේ මේ නිසාය.
 දැන් පාන්දර 3ට පමණ පරිගණකය ඉදිරිපිට අසැබි දසුන් නරඹන පුද්ගලයෙකු පිළිබඳව සිතන්න. කාලයට, නින්දට විටෙක ආහාර වලට පවා ඔහුගේ අවධානය වෙනුවෙන් අසැබි දර්ශන සමඟ තරඟ කල නොහැක. වෙබ් පිටුවක් ක්ලික් කිරීම, සහ එය ඔස්සේ දකින සෑම රූපයක්ම පුද්ගලයාගේ මොළය තුළ පෙර කී ස්නායු මාර්ග ශක්තිමත් කරනු ලබයි. එනම් ප‍්‍රවාහයක් ගොඩනගනු ලබයි. මේ ඇබ්බැහිමය තත්ත්වයක පෙරනිමිතිය. මීට අමතරව කුමන ආකාරයක වුවද අසැබි දර්ශන සඳහා අධික ලෙස නිරාවරණය වෙන පුද්ගලයාගේ ඩොපමින් ස්නායු සම්පේ‍්‍රෂකය මුදා මුදාහරින මොලේ පද්ධතිය අධික ලෙස උත්තේජනය වීමෙන් බොහෝ ඇබ්බැහිවීම් සඳහා මූලික වන ඩෙල්ටා බී ෆෝර්ස් ගොඩනැගීම සිදුවේ. මෙම තත්වය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ගේ ද දක්නට ලැබෙන බව පරීක්ෂකයෝ පවසනු ලබති.
යමක්ට ඇබ්බැහි වූ පසු ඉන් මිදීම අපහසු බව සැබෑය. නමුත් එය කළ නො නොහැක්කක් නොවේ.  ඉන් මිදීමේ පළමු පියවර පුද්ගලයා තමන්ට ගැටලූවක් ඇති බව හඳුනා ගැනීමයි. අසැබි දර්ශන සමාජය තුළ වඩාත් සාමාන්‍යකරණයට ලක් වී ඇත්නම් ඇබ්බැහියකදී වුවද පුද්ගලයාට එ් පිළිබඳව හඳුනාගැනීම පහසු කාරණයක් නොවේ.  අසැබි දර්ශන තමන්ගේ ජීවිතයට  කොයි තරම් සෘණාත්මක ප‍්‍රතිඵලයන් ගෙන දෙන්නේදැයි සහ  ඉහත කී ඇබ්බැහියෙහි ලක්ශණයන් විනිශ්චය කිරීමෙන් පුද්ගලයාට මෙම ගැටලූව හඳුනාගැනීමට මාර්ගයන් විවරවනු ඇත.
අනතුරුව පුද්ගලයා තමන් අසැබි දර්ශන නැරඹීමට යොමුවීමේ මූලික හේතුව වටහා ගැනීම වැදගත් වේ. තනිකම, මානසික ආතතිය  වැනි තත්ත්වයන් ඊට මූලික හේතු කාරණා විය හැක. මීළඟට පුද්ගලයන්ට මෙකී මූලිකම හේතු වලින් මිදීමට වෙනත් ක‍්‍රම යෝජනා අත්හදා බැලීම් සිදු කළ හැක.  උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ක‍්‍රියාකාරකම් ( ක‍්‍රීඩා, මිතුරු හමුවීම්, ව්‍යායාම් වැනි)  අත්හදා බැලීම් සිදු කළ හැක. අනෙක් අතට පුද්ගලයා  දැනටමත් මෙම ගොදුරක් නම් එකී චර්යාව අභිපේ‍්‍රරණය නොකරන්නා වූ පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යය. එනම් අන්තර්ජාලය ඔස්සේ අසැබි දර්ශන ඇබ්බැහියට යොමු කෙනෙකු නම් අන්තර්ජාල වාරණයක් භාවිතා කිරීම වැනි සරල වෙනස් කිරීම් පුද්ගලයාට භාවිතා කළ හැක.
සම්බන්ධතාවයක් තුළ නම් පුද්ගලයා යහපත් චිත්තවේගීම ය සන්නිවේදනයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. අනෙකා මුහුණ දී සිටින තත්ත්වය තේරුම් ගැනීම යහපත් සන්නිවේදනයකින් තොරව සිදු නොවන්නකි. අනෙකාගේ ආවේණික ආශාවන්, ඇබ්බැහියන්, යහපත් සන්නිවේදනයක් ඔස්සේ අනෙකාට දැන්වීම එකී ගැටළුවට පිළිතුරු සෙවීමේ මුල් පියවරක් විය හැක.
තවද නව යෞවනයන් තුල ඇතිවන්නා වූ කායික මානසික වෙනස්වීම් මත මෙවැනි තත්ත්වයන් වෙත බහුලව වශයෙන් නැඹුරුවීමේ ප‍්‍රවණතාවක් පවතී.  මෙම තත්ත්වය නිවැරැුදිව වටහාදීමේ මූලික වගකීම යොමු වන්නේ දෙමාපියන් වෙත ය. සමාජ ගවේෂණයට දරුවාව යොමු කළ යුත්තේ ඔහු ව පාලනය කරන්නා වූ දුරස්ථ පාලකය දෙමාපියන් සියතේ තබා ගෙනය. කිසියම් අවස්ථාවක දරුවකු මෙවන් තත්ත්වය කට මුහුණ දී සිටින බව  දෙමාපියන් අවබෝධ කරගත්හොත් එය ඉතාමත් සෘණාත්මක තත්ත්වයක් ලෙස වටහාගෙන දරුවාට දඬුවම් පැමිණවීම/ දරුවාව පිළිකුල් කිරීම විටෙක මෙම තත්ත්වය වැඩි දියුණු කිරීමට හේතු විය හැක.  එබැවින් දෙමාපියන් තරගකාරී සමාජයක් තුළ වුව ද දරුවාව නිවැරදිව හඳුනා ගැනීම සහ යහපත් සන්නිවේදනයක් ඔස්සේ ඔවුන් සමග ඔවුන්ගේ ගැටලූ සාකච්ඡුා කිරීමට කාලයක් වෙන් කර ගැනීම ඉතා වැදගත් වේ.
 විටෙක ඇබ්බැහියක් ලෙස නොපිළිගත්තද අසැබි දර්ශන නැරඹීම  පුද්ගලයාට පීඩාකාරී තත්ත්වයක් නිර්මාණයය කරන්නම්,  වශ්‍යතාවය තිබුණද එය නවතා ගත නොහැකි නම් එ් වෙනුවෙන් සුදුසුකම් ලත් මනෝ උපදේ උපදේශක උපදේශකවරයෙකු මනෝ චිකිත්සක වරයෙකු වෙත පුද්ගලයාට යොමු විය හැක උපදේශන සේවාවන් ලබා ගැනීම පිළිබඳව සමාජය දක්වන දක්වන්නාවූ සෘණාත්මක ආකල්පය විටෙක මෙවැනි යොමුවීම් වළකාලන නමුත් නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරොවෙන් ගසා වක් කඩා ලිය නොහැකි තත් තත්ත්වයකට පෙරලීමට මත්තෙන් එ් වෙනුවෙන්  මැදිහත්වීම පුද්ගලයාට යහපතක් වනු ඇත.
මේ සියලූ කාරණා මේ ලෙස පුවත්පත්, සමාජ මාධ්‍ය ජාලා තුළින් සමාජගත කිරීමට සිදුව තිබෙන්නේ ලාංකීය අධ්‍යාපන ක්ශේත‍්‍රය තුළ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් පවතින හිඩැස හේතුවෙනි. සංස්කෘතික, සාමාජීය සාධකයන් කරපින්නාගෙන සිටියාට කම් නැත. නමුත් එයින් අත්වන්නේ අයහපත් ප‍්‍රතිඵලයන් නම්? දැන්වත් අවම වශයෙන් උසස්පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමින් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන ක‍්‍රමය සකස් වීම වැදගත්ය. නැතහොත් ලිංගිකත්වය අරුමයක් වූ සමාජයක එකී අරුමය විසඳා ගැනීමට තාක්ෂණයේ පිහිටෙන් සමාජයක් ලෙස අසැබි දසුන් වෙත යොමු වීම නවතාලීම සැබැවින්ම අපහසු වනු ඇත.
අවසානයේ කිව යුත්තේ මෙයයි. සමාජයක් ලෙස වෙනස් වනවා සේම පුද්ගලික වශයෙන්ද අපට මේ සඳහා මැදිහත් විය හැක. සමාජීය සාධක හැරුණුකොට අසැබි දසුන් නැරඹීම ඇබ්බැහියක් බවට පත් වීම වළක්වා ගත හැක්කේ ඔබටමය. එබැවින් ගැටලූවක් ඇත්නම් එ් සඳහා වන විසඳුම් වෙත ගමන් කරන්න. ප‍්‍රමාද නැත. අවශ්‍ය වන්නේ වෙනස් වීමට අවශ්‍යතාවය පමණි.

 ඕෂද පෙරේරා
සහය කථිකාචාර්ය
මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව
පේරාදෙණිය විශ්වවිද්‍යාලය         








Post a Comment

0 Comments